වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබ්බේ ආයුධ: අර්චුනා නැවත කියයි

වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබුණේ  අවි ආයුධ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි  මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී  නැවතත්  පැවසීය.

යුරෝපයේ සංචාරය කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තවත් ලිය කියවිලි තමාට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව  ප්‍රකාශයක් කරමිනි.

අර්චුනා රාමනාදන් මහතා  මෙසේද පැවසීය.

මේවා බිමල් ඇමතිතුමා ඉද්දී නිදහස් කරපු කන්ටේනර්. මම යුරෝපයේ සංචාරය කරපු වෙලාවේ මට තවත් ලියකියවිලි හම්බ වුණා.  ඒ කන්ටේනර්   තුන්සිය විසි තුනේ    තිබුණේ  අවි ආයුධ තමයි.  ඕන නම් මාව සීඅයිඩියට  ගෙනියන්න.  සී අයිඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න.

කන්ටේනර් වාර්තාව දාන්න කියන්න.  කොමිටිය පත් කරන්න.  ඇයි මාව විතරක් ඇද ගන්නේ. මම නැවත කියනවා ඒවායේ  තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:

එතුමා පැහැදිලිව කියනවා ආයුධ තිබුණා කියලා.  සනාථ කරන්න පුළුවන් කියලා කියලා. එතකොට ඒ කන්ටේනර් නිකුත් කරපු ඇමතිවරයා මොකද කියන්නේ.  මේක බරපතළ කාරණයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *