වයඹ පළාත් සභා සේවක දිනක වැටුප රටට දෙයි

වයඹ පළාත් සභාවේ සේවකයින්ගේ දිනක වැටුප ශ්‍රී ලාංකාව යළි ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව වයඹ පළාත් සභා සේවකයින් තම දිනක වැටුප වශයෙන් රුපියල් 12,249,222ක මුදලක්(එක්කෝටි විසිදෙලක්ෂයක්) අරමුදලට පරිත්‍යාග කර ඇත.

වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වසන්ත ගුණසේකර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. එම්. එම්. එස්. ඒකනායක, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්. පී. කුමාරසිංහ, වයඹ පළාත් සභාවේ ගණකාධිකාරි අනුපමා අබේසිංහ, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක, ප්‍රජා සංවර්ධන නිලධාරි අජන්තා වීරසේකර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *