වනාන්තරයට ගිනි තැබූ සිසුන්ට අධිකරණයෙන් දඬුවම්…

ඇල්ල ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට ගිනි තබා අලාභ හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අසාමාන්‍ය දඩුවමක් නිකුත් කර තිබෙනවා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය මුලින් නියෝග කළේ. 100,000 බැගින්.

ඉන් අනතුරුව ඔක්තෝම්බර් මස 02 වන ඉරිදා දින ඇල්ල පොලිසිය විසින් තෝරාගත් ප්‍රදේශවල පැළ 10 බැගින් සිටුවන ලෙස සිසුන්ට උපදෙස් ලබාදී තිබුණි.

සෙනසුරාදා (24) ඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයක කොටසකට ගිනි තැබූ සිසුන් 16 දෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.

සැකකරුවන් 16 හැවිරිදි බදුල්ල සහ පස්සර ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස රක්ෂිත වනයේ උපන්දින සාදයක් පවත්වා ඉන් අනතුරුව එම ප්‍රදේශයට ගිනි තබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *