වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප ගෙවිමට වතු සමාගම් එකග වෙයි.

මස්කෙලිය වැවිලි සමාගමට අයත් මස්කෙලිය , තලවකැලේ සහ බදුල්ල යන ප්‍රදේශවල පිහිටි තේ වතු වල වතු වෘත්තිය සමිති විසින් දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය (23) දින සිට අවසන් කිරිමට වතු වෘත්තිය සමිති තිරණය කර ඇත.

වතු කම්කරුවන්ට රජය මගින් දිනකට වැඩි කල රු දහසක වැටුප වසර දෙකක් තිස්සේ එම වතු සමාගම විසින් නොගෙවා සිටිමට විරෝධය පාමින් වතු වෘත්තිය සමිති මස්කෙලිය වැවිලි සමාගමේ සියළුම වතු වල දින ගණනාවක සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර තිබුණි.

එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අනුව එම වතු සමාගමේ තේ වතු වල දිනපතා නිෂ්පාදනය කරනු ලැබු තේ කුඩු කොළඹ තේ වෙන්දේසියට යැවිමට බාධා පැමිණිම නිසා වතු වෘත්තිය සමිති සහ මස්කෙලිය වැවිලි සමාගමේ ඉහල පාලන අධිකාරිය සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව වතු සමාගම රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු දහසක දෛනික වැටුප හිග වැටුපත් සමග ගෙවිමට එකගවිමත් සමග වතු වෘත්තිය සමිති එම සමාගමේ තේ වතු වල ක්‍රියාත්මක කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට පියවර ගැණින.

දිනක රු දහසක වැටුප සදහා වතු කම්කරුවෙකු අමු තේ දළු කිලෝ 20 ක් නෙලිය යුතු බවත්,එසේ තේ දළු නෙලිමට නොහැකි වු වතු කම්කරුවන්ට නෙලන තේ දළු කිලෝවකට පමණක් රු 40 -50 මුදලක් ගෙවිමට එම වතු සමාගම වසර දෙකක් තිස්සේ කටයුතු කර තිබුණි.

වෘත්තිය සමිති ක්‍රියමාර්ගය අත්හැරිමට සාකච්ඡාව සදහා සහභාගි වු වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකයන් සහ තවත් වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකයන් අතර (23) දින මස්කෙලිය ප්‍රදේශයේදි දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වු අතර,එම උණුසුම් තත්ත්වය පාලනය කිරිමට මස්කෙලිය පොලිසියේ නිලධාරින් පියවර ගැණින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *