වත්තල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක් සොයා ගනී.

සිකුරාදා (05) අලුයම වත්තල දික්කෝවිට ධීවර වරාය ආසන්නයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35-40ක් පමණ වන අතර උස අඩි 5 අඟල් 8ක් පමණ වන බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මළ සිරුර කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *