වකුගඩු එන්නත් කටුවෙන් ලොකු ගැහිල්ලක්

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී පැවසීය.

එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී තිබෙනන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම තත්ත්වය හමුවේ අදාළ ටෙන්ඩර්කරු පෞද්ගලික අංශයට ද එම එන්නත් කටු ලබාදීම සීමා කොට යම් හිගයක් මවා පා තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *