ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහලට ඔසවා තැබීමේ සහ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් වර්ධනය කිරීමේ අරමුණින්, මෙරට විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජිතව ඇත. එම අවබෝධතා/සහයෝගීතා ගිවිසුම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සහ සම්පත් නිරීක්ෂණ හා විදේශ දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුකූලව සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහභාගීත්වයන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ආවරණ අනුමැතිය සඳහා  අධ්‍යාපන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *