ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන්

ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි.

එම ඇනකොන්ඩා සර්ප විශේෂය උතුරු කොල ඇනකොන්ඩා සර්පයින් ලෙස එම විද්‍යාඥයන් කණ්ඩායම නම් කර ඇත.මෙම වර්ගයට අයත් ඇනකොන්ඩා සර්පයින් සම්පූර්ණයෙන් වැඩුණු පසු දිගින් මීටර් 7.5 ක් වන බවත් බරින් කිලෝ ග්‍රෑම් 500 ක් පමණ වන බවත් එම විද්‍යාඥයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.මීට පෙර ඇනකොන්ඩා විශේෂ 4 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශාලතම ඇනකොන්ඩා සර්පයින් විශේෂය කොල ඇනකොන්ඩාවන විය.

මෙම නව සොයා ගැනීමත් සමඟ කොල ඇනකොන්ඩා විශේෂය කොටස් දෙකකට බෙදීමට සිදුව ඇති අතර ඒ අනුව දකුණු සහ උතුරු ලෙස කොල ඇනකොන්ඩා විශේෂය වර්ග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *