ලෙබනනයේ ගොඩනැගිලි නටඹුන් අතරින් ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරක් සොයා ගැනේ

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සෙනසුරාදා සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පැවසුවේ, මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි අයි ප්‍රේමලතා නැමති කාන්තාවක් බවයි.

ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පසු සුන්බුන් යට සිරවී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බව ඔක්තෝබර් 17 වන අඟහරුවාදා බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේය.

ලෙබනනයේ Mansourieh හි මහල් පහකින් යුත් ගොඩනැගිල්ල ඔක්තෝබර් 16 වන දින කඩා වැටුණු අතර එහි ඉතිරිව ඇත්තේ එහි මහල් තුනක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *