ලියනාඩෝ ඩිකැප්‍රියෝ පෙන්වූ අම්පාර අලි ප්‍රශ්නයට ඇමතිගෙන් ප්‍රතිචාර

අලි ඇතුන් කුණු ගොඩවල්වලට පැමිණීම වැළැක්වීමට අගල් කැපීමට අවශ්‍ය වුවද ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට තමන්ට මුදල් වෙන් කර නොමැති බව වනජීවී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

“අපි පහුගිය දවස්වල කුණු කන්ද වටේ අගලක් කැපුවා, නමුත් දැන් අලි ඒකත් කැඩුවා, අපි උපරිම උත්සාහ කරනවා නමුත් අවශ්‍ය ප්‍රතිපාදන නැහැ,” හොලිවුඩ් නළුවෙකුගෙන් පසුව පසුගියදා ඉස්මතු වූ අම්පාර කුණු කන්ද පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය. ඒ ගැන ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් කතාවක් කර තිබුණා.

ඇතැම් නිලධාරීන් මෙන්ම ආයතනද අගල් කැපීමට බාධා කරන බවත් ඇතැම් පරිසර සංවිධාන මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පවරා ඇති බවත් ඔහු සඳහන් කළේය.

පවතින සම්පත් තිබෙන අලි ගම්වලට පැමිණීම වැළැක්වීමට තමා කළ හැකි උපරිමය කළ බව පැවසූ ඇමැතිවරයා “සුද්දාගෙන් විස්තර අහන්න ඕන. මගෙන් අහන්න එපා,” හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ කුණු කන්ද සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පසුගිය කාලයේ කළ ප්‍රචාරය ගැන ප්‍රතිචාර දක්වමින්.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් පසුගිය වසර අටක කාලය තුළ අලි ඇතුන් 20ක් පමණ මිය ගොස් ඇති බව හොලිවුඩ් තරුව බෙදාගත් කතාවෙන් අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *