ලිට්‍රෝ ගෑස් වෙතින් ජනතාවට දැනුම්දීමක්

LPG අඩංගු එක් නෞකාවක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය සහ SLSI විසින් ලබා දුන් අනුමැතියට අනුව 2021 දෙසැම්බර් 18 සෙනසුරාදා අද සිට Litro Gas මෙහෙයුම් නැවත ආරම්භ කරන බව Litro Gas Lanka Ltd නිවේදනය කරයි.

මේ වන විට තවත් LPG නෞකා දෙකක් කෙරවලපිටියේ ලිට්‍රෝ ගෑස් පර්යන්තය අසලට නැංගුරම්ලා ඇති අතර, CAA සහ SLSI වෙතින් අවශ්‍ය අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.

සමාගමට බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු විගස, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් විසින් LPG මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා අතර රට පුරා සියලුම වර්ගයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදා හැරීම ආරම්භ කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *