ලිට්‍රෝ ගෑස් භාවිත කරන්නන් සඳහා විශේෂ දැනුම්දීමක්

Litro Gas Lanka විසින් 2021 දෙසැම්බර් 4 වන දිනට පෙර වෙළෙඳපොළට නිකුත් කරන ලද 12.5 kg, 5 kg සහ 2.3 kg ප්‍රමාණයේ නිම නොකළ LPG සිලින්ඩර පාරිභෝගිකයාගේ අභිමතය පරිදි සමාගම වෙත ආපසු ලබා දිය හැකි නව යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ගෑස් සැපයුම්කරු කියා සිටියේ එම ගෑස් සිලින්ඩරවල කළු හෝ නිල් මුද්‍රාවක් ද තිබිය යුතු බවයි.

එවැනි නිම නොකළ LPG සිලින්ඩර ලිට්‍රෝ ගෑස් ලංකා අලෙවි නියෝජිතයා වෙත ආපසු ලබා දිය යුතු අතර සිලින්ඩරයේ ඉතිරිව ඇති LPG ප්‍රමාණය සහ එහි වෙළඳපල වටිනාකම සඳහන් කුවිතාන්සියක් පාරිභෝගිකයා වෙත නිකුත් කරන බව සමාගම වැඩිදුරටත් පැවසීය.

භාරදෙන අවස්ථාවේ දී අවසන් නොකළ සිලින්ඩරය වෙනුවට නව සිලින්ඩරයක් ලබාදිය නොහැකි බව පවසමින් පාරිභෝගිකයා නව සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා රිසිට්පතක් ලබා දීමේදී ඒ වෙනුවට අවසන් නොකළ සිලින්ඩරයේ වටිනාකම අඩු කරන බව සමාගම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *