ලිඛිත විසඳුමක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සඳහන් කළේය.

කෙසේවෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ  සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව සිදුකර ඇති බවය.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය හරහා සිදු නොකිරීමට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා දිනයේ සිට වැඩ වර්ජනයක නිරතවෙයි.

වර්ජනය අදත් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා බාහිර හා නේවාසික රෝගී සත්කාරක සේවා බිඳ වැටුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *