ලාංකිකයන් සඳහා ඉන්දියානු වීසා…

ඉන්දියානු වීසා අයදුම්පත් තෝරාගත් දිනවලදී IVS මධ්‍යස්ථානය හරහා භාර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද නිවේදනය කළේය.

මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ඉන්දීය වීසා අයදුම්පත් බාහිරින් ලබාගත් වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය හරහා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පමණක් භාර ගන්නා බවයි.

නව වීසා පිළිගැනීමේ කාලසටහන ජූලි 4 වන සඳුදා සිට ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමයේ වෙනස්කම් සිදු කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *