ලබන වසරේ සිට නව විශ්වවිද්‍යාලයක්

ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි.

අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව ලබන වසරේ සිට ගුරු අභ්‍යාසලාභීන් විද්‍යාපීඨවලට නොව මෙම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති අතර, ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *