ලක්ෂ 40 ක බීඩි කොළ කල්පිටියේ කළපුවක

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ කිලෝ ග්‍රෑම් 776 ක් සහිත,ඇසුරුම් 24 ක් කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයට ගොඩ බා තිබියදී ශ්‍රී ලංකා නාවුක නෞකා විජය ආයතනය මගින් අත් අඩංගුවටගෙන ඇත.

නාවුක හමුදා මෙහෙයුම් හමුවේ,පසුව  ප්‍රවාහනය කිරීමේ අරමුණින්,ජාවාරම්කරුවන් මෙම බීඩී කොළ තොගය වෙරළේ දමා පළා යන්නට   ඇතැ යි නාවුක හමුදාව විශ්වාස කරයි.

මෙම බීඩී කොළ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 40 ඉක්මවන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *