ලංවිම ඉංජිනේරුවන් හෙට ලෙඩ වෙයි

සභාපති එම්.එම්.සී.ගේ ‘නීති විරෝධී’ ක්‍රියාවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය හෙට දින ලෙඩ සටහන් ව්‍යාපාරයක් දියත් කරයි. ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළේය.

එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න ඩේලි මිරර් වෙත කියා සිටියේ නීත්‍යානුකූල ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු රැසක් ලංවිම සභාපතිවරයා විසින් සිදුකර ඇති බවයි.

“අපගේ සියලුම ඉංජිනේරුවන්ට අසනීප නිවාඩු වාර්තා කරන ලෙසත්, ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවයක් දක්වන ලෙසත් අපි උපදෙස් දී තිබෙනවා. මේ අපේ නිහඬ විරෝධයයි. යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි ශක්තිමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා.”

අද කි‍්‍රයාමාර්ගයෙන් විදුලිය විසන්ධි විය හැකිදැයි ඇසූ ප‍්‍රශ්නයට ඔහු කියා සිටියේ විදුලි බලාගාරවල වැඩ මුර රාජකාරි සඳහා යොදවා ඇති ඉංජිනේරුවන් සිටින බවත්, එබැවින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් සිදුවිය නොහැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *