ලංගම බස් රථ 500ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) ආසන 32කින් යුත් නව බස් රථ 500ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව මිලදී ගැනීමට නියමිතය.
ඉන්දීය ණය ප්‍රදාන යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32-35 අතර නව බස් රථ 500ක් මිලදී ගැනීම සඳහා 2020 ජනවාරි 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයට අනුව ආසන 32 කින් යුත් නව බස් රථ 500ක් මිලදී ගැනීම ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමට ප්‍රදානය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නේය. ඇමැතිවරු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *