ලංගම කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවය ස්ථිර කිරීමට පියවර

කොන්ත්‍රාත් පදනම මත වසර 5 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කරන සියලු සේවකයින් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. පාර්ලිමේන්තුවේ ප්‍රවාහන කටයුතු පිළිබද උපදේශන කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සඳහා එළඹෙන මැයි මාසයේ දී අදාළ විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේය. තවද දැනට පවතින රියදුරු සහ කොදොස්තරවරුන්ගේ පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් අතරින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *