ලංකාවට ලබා දුන් ආධාර රාජක්‍ෂලා විදේශ බැංකුවල තැන්පත් කර ඇතැයි බි‍්‍රතාන්‍ය ප‍්‍රබලයෙක් පවසයි…

ලංකාවට දුන්න ආධාර විවිධ රටවල බැංකුවල තැම්පත් කර ඇතැයි බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු ප‍්‍රබලයෙක් වන බැලක් බ‍්‍රවුන් මහතා පවසා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කරන ලදී.

පසුගිය කාලයේ ඉන්දියාව ලංකාවට ලබා දුන්න ආධාර වෙනුවෙන් ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් ලබා දෙන්න කියලා.බලාගාර කිහිපයක් ,ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධිබලැති විදුලිය ලබා දෙන කේබලයක්,ඒ වගේම මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක්.භයානකම දේ තමයි ත‍්‍රිකුණාමලය වරාය අවට ඉඩ කඩම් කාර්මික සංවර්ධන ප‍්‍රදේශයක් වශයෙන් ලබා දෙන්න කියලා.ත‍්‍රිකුණාමලය වරාය අවට ඉඩම් ඉල්ලනවා කියන්නේ ත‍්‍රිකුණාමලය වාරයත් ඉබේම ඉන්දියාවට අයිති වෙනවා කියන එකයි .මන්නාරම් ද්‍රෝනියේ තෙල් කැනීම් කරන්නත් කොටස් දෙකක් ඉල්ලලා තියනවා .මේවා දිහා බැලූවම ඉතාමත් පැහැදිලියි ඉන්දියාව ලංකාවේ ආර්ථික මරමස්ඨාන අත්පත් කරගැනීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා

අසල්වැසි ඉන්දියාවෙන් අපේ එදිනෙදා ජීවිතය ගෙන යන්න අපිට ආධාර ලැබුනා . මීට පෙර ඉන්දියාවේ නියෝජිතයන් ලංකාවට ආව ගමන්ම පැය 24ක් යන්න කලින් අපිට ලබා දෙන ආධාර පිළිබද දැනුම් දුන්නත් වර්ථමානය වන විට එම නියෝජිතයන් ලංකාවට ඇවිත් සාකච්චා පැවැත්වුවත් අපට ඉදිරියට ලබා දෙන ආධාර පිලිබදව වචනයක්වත් නැ.ඔවුන් ප‍්‍රකාශ කර තිබුනා ඉන්දියාවේ මුල්‍ය මණ්ඩලයෙන් මේ පිලිබදව තීන්දුවක් ගත යුතු බව.ඒ වගේම ඔවුන් කිව්වා පසුගිය කාලයේ ඔවුන් ලංකාවට ලබා දුන්න ආධාර වෙනුවෙන් ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් ලබා දෙන්න කියලා.බලාගාර කිහිපයක් ,ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධිබලැති විදුලිය ලබා දෙන කේබලයක්,ඒ වගේම මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබා දෙන්න කියලා.භයානකම දේ තමයි ත‍්‍රිකුණාමලය වරාය අවට ඉඩ කඩම් කාර්මික සංවර්ධන ප‍්‍රදේශයක් වශයෙන් ලබා දෙන්න කියලා.ත‍්‍රිකුණාමලය වරාය අවට ඉඩම් ඉල්ලනවා කියන්නේ වාරයත් ඉබේම එකට සෙට් වෙනවා කියන එකයි .මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීම් කරන්නත් කොටස් දෙකක් ඉල්ලලා තියනවා .මේවා දිහා බැලූවම ඉතාමත් පැහැදිලියි ඉන්දියාව ලංකාවේ නරමස්ථාන අත්පත් කරගැනීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා .

අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා ලංකාවට උදව් කිරීම සම්බන්දයෙන් නමුත් මේ සියළු උදව් පිටිපස්සේ තියෙන්නේ වෙනම වැඩපිළිවෙලක් .විශේෂයෙන්ම ත‍්‍රිකුණාමලය අවට ඉඩම් මේ අයට ලබා දුන්නොත් ත‍්‍රිකුණාමලය වාරයත් ඒ අයට අයිති වෙනවා.මේවා අපේ රටේ ජනතාව දන ගන්න ඕනේ.වත්මන් රජය බලයට පත්වුණේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා.නමුත් හම්බන්තොට වරාය චීනයට දුන්නා,කොළබ වරාය චීනයට සහ ඉංදියාවට කොටස් වශයෙන් දීලා දැන් ත‍්‍රිකුණාමලය වාරයත් ලබා දුන්නොත් අපේ ස්වෙරිත්වයට විශාල බලපැමක් එල්ල වෙනවා.තෙල් ටැංකි දෙනකොටත් අපි කිව්වා පාර්ලිමේන්තුවේදී මේක විශාල බලපැමක් කියලා නමුත් දැන් වාරයත් ඉඩමුත් දෙන්න හදනවා නම් පක්ෂ බේදයකින් තොරව මේ තත්වය පිළිබද තමන්ගේ මතය ප‍්‍රකාශ කළ යුතුයි .

ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයන් ලංකාවට ඇවිත් තියන අවස්ථාවක ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව බැදුම්කර සම්බන්දයෙන් නඩු පවරලා තියනවා .ඒ නඩුවේ සටහනක් තියනවා රාජපක්ෂවරු ශ‍්‍රී ලංකා රජයට අයත් මුදල් මේ මේ ස්ථාන වල තැම්පත් කරලා තියනවා කියලා.මේක අපිට විශාල ලැජ්ජාවක් .මිට පෙර කිසිම උසාවියක ,රටේ පාලකයන් නම් කරලා ,රටවල් නම් කරලා බැංකු නම් කරලා නඩුවක් වැටුනේ නැ.අද ලෝකේ මතයක් ඇති වෙලා තියනවා ශ‍්‍රී ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දානවා කියලා .

බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු ප‍්‍රබලයෙක් බැලක් බ‍්‍රවුන් එතුමා කියලා තියනවා ලංකාවට දුන්න ආධාර විවිධ රටවල බැංකුවල තැම්පත් කරලා තියනවා කියලා.ඇත්ත වශයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව කබ‍්‍රාල් දාගෙන කරේ මේවා තමයි.දැන් මේවා සනාථ වෙලා තියනවා ඇමෙරිකාවේ නඩුව සහ බි‍්‍රතාන්‍ය දේශපාලන ප‍්‍රභාලයාගේ ප‍්‍රකාශයත් සමග.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපේ රටට විරුද්ධව යෝජනාවක් සම්මත වුනා.හැමදාම අපිත් එක්ක ජන්දය දුන්න මුස්ලිම් රටවල් එක්කෝ අපිට විරුද්ධව ජන්දය දුන්නා නැතිනම් නිහඩව සිටියා .මේ තත්වය මත වත්මන් රජය දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉන්නේ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව යන්න ඕනේ .රට වහලා අද ඉදලා ,අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයක් නැ,බෙහෙත් නැ,රාජ්‍ය සේවය අඩපනවෙලා,පාසල් වහලා . දෙයියන්ගේ නාමෙන් මේක දාලා යන්න .ජනමතය ඉස්මතුවන ක‍්‍රමයක් සකස් කරන්න .මැතිවරණයක් තියන්න .මොකද බංකොලොත් වුන ආණ්ඩුවකට ආධාර දෙන්නේ නැ.සමාගමක වුනත් බංකොලොත් වුනත් බැංකුවෙන් කියන්නේ සභාපති ,අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස් වෙලා අලූත් නිලධාරි මණ්ඩලයක් සමග අළුත් සැලැස්මක් සමග එන්න කියලයි .අපේ රටටත් කියන්නේ මේකයි .ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව මේ රට බංකොලොත් කෙරුවා ඒ අයට බැ නැවත රට ගොඩ ගන්න .මොකද අපිට ආධාර කරන අයට මේ අය පිලිබදව විශ්වාසයක් නැ.පොඩි පොඩි ආධාර ලැබුනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න කම් අපිට අපේ රට ගොඩගන්න පුළුවන් ආධාරයක් ලැබෙන්නේ නැති බව එතුමා තේරුම් ගන්න ඕනේ .මේ රට ගොඩ ගන්න අපිට අවුරුද්දකට ඕනේ අමෙරිකානු ඩොලර් බිලියන 5ක් .මේ ණය 2025 වෙනකම් ගෙවන්න ඕනේ වසරකට මිලියන 5 ගානේ .නමුත් මේ මුදලෙන් කොටසක් හෝ තවමත් ලැබිලා නැ.අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයෝ අපිට යම්කිසි ආධාරයක් ලැබෙයි .නමුත් මේ අය අපිට කියන්නේ අපේ වියදම ට‍්‍රිලියන 3.5යි නමුත් අපේ අදායම ට‍්‍රිලියන 1.5යි.ට‍්‍රිලියන 2ක පරතරයක් තියනවා කොහොමද මේක පියවන්නේ කියලා අහනවා .පියවන්න නම් ඒ අය ලබා දෙන යෝජනා ක‍්‍රියාත්මක කල යුතු වෙනවා . රාජ්‍ය සේවය කප්පාදු කරනවාද?බංකොලොත් වූ සංස්ථා විකුණනවද?අත්‍යාවශය භාණ්ඩ මිල 40%,50% ඉහල දමනවාද ?අපි ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගන්නවා කියන්නේ ඒ මුදලත් අවුරුද්දට ගෙවන්න තියන ඩොලර් මිලියන 5ට එකතු වෙනවා .එතකොට ණය ගෙවන්න රටතුල අදායම සකස් කරගන්න වෙනවා .

ජනමතය ඉස්මතුවෙන මැතිවරණයකට අපිට යන්න වෙනවා .මොකද එතකොට රටේ ජනතාව යම් කාලයක් ලබා දෙනවා ආණ්ඩුවට .ඒ වගේම ජාත්‍යන්තරයත් කැමතියි නව ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න .අනික් කාරණය තමයි මැයි 11 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශයක් කරා මම 19 සංශෝධනය ක‍්‍රියාත්මක කරනවා ,විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පියවරක් ගන්නවා කියලා.නමුත් අද විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 නෙවේ .මේ 22 යනුවෙන් හැදින්වෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිතුමාගේ බලතල වැඩි කරනවා .පාර්ලිමේන්තුවට බලය දෙන්නයි අපි 19 ගෙනාවේ .නමුත් මේ ආණ්ඩුව ගෙන්න යන ව්‍යවස්ථා සංශෝධනයේ පලවෙනි වෙනස තමයි ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක අගමැතිවරයාව අස් කරන්නන් පුළුවන් ,ඒ වගේම ඕනෑම අමාත්‍යංශයක් පවරා ගන්න පුළුවන් .ඉතාමත් පැහැදිලියි රජය තවම පාඩම් ඉගෙනගෙන නැ මෙච්චර දෙයක් වෙලත් .

ආණ්ඩුවට නියම ජාතික ආණ්ඩුවක් හදන්න වුවමනාවක් නැ.මහානායක ස්වාමින් වහන්සේලා,ආගමික නායකයින්,නීතිඥ සංගම් කිව්වේ ජාතික ආණ්ඩුවක් හදන්න කියලයි . ඒ කියන්නේ සජබයේ කැමැත්තෙන් ආණ්ඩුවට කීපදෙනෙක් යන්න ඕනේ ,ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ කැමැත්තෙන් ,ටි එන්,ඒ කැමැත්තෙන් ,මුස්ලිම් පක්ෂ මේ සියළු පක්ෂ කැමැත්තෙන් ආණ්ඩුවක් හදන්න ඕනේ .නමුත් මේ අය මොකක්ද කරේ මන්ත‍්‍රීවරු කොල්ලකාලා ආණ්ඩුවක් හැදුවා .මෙවැනි ආණ්ඩුවකට අද පිළිගැනීමක් නැ.නමුත් නියම සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවොත් යම් කිසි පදනමක් තියනවා රට ස්ථාවර කරලා මැතිවරණයකට යන්න .ඒ වගේම මැතිවරණයක් එනවා නම් තානාපති කාර්යාල අපිට කියලා තියනවා උදව් කරනවා කියලා .වැදගත්ම දේ තමා රජයේ සේවකයෝත් නොමිලේ උදව් කරනවා කියලා තියනවා .වත්මන් ආණ්ඩුවට ජනවරමක් නැ.ජනාධිපති හැංගිලා .මොනවද කරන්නේ කොහේ ඉන්නවද දන්නේ නැ.මෙහෙම ඉන්න පුළුවන්ද හැමදාම ?

ඒ වගේම විධායක ජනාධිපතිධුරය හදපු දවසේ ඉදලා කරපු වැරද්දක් තමයි අපේ රටේ ජනාධිපතිතුමාට සිවිල් හෝ අපරාධ නිතිය යටතේ නඩුවක් දාන්න බැ.ලංකාවේ විතරයි මේ වගන්තිය තියෙන්නේ .ලෝකයේ කිසිම රටක මෙහෙම වගන්තියක් නැ.ලෝකයේ රටවල විධායක බලතල සහිත ජනාධිපතිවරයාට නඩු පවරන්න පුළුවන් .ඉන්දියාවේ නරසිම්වෝ රාවෝ අගමැති කාලේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නඩුවක් දැම්මා මුදල් සම්බන්දයෙන් ,ඔහු උසාවියට ගියා උත්තර දුන්නා පස්සේ නිදහස් උනා.ලංකාවේ විතරයි විධායක ජනාධිපතිට නඩුවක් ධුරය දරනකොට දාන්න බැරි .මේක වෙනස් කරන්න ඕනේ.

සමහර දේශපාලන පක්ෂ මාධ්‍යට කියනවා හොරාකාපු සල්ලි ගේනවා කියලා නමුත් ජනාධිපතිතුමාට විරුද්දව අධිකරණයට යන්න බැරි නම් අපි ලජ්ජා වෙන්න ඕනේ.ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධන එනවා නම් ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඕනේ මේක .2011 අයිස්ලන්ඞ් රට බංකොලොත් වුනාම අගමැතිවරයාට නඩු දැම්මා.සමහර පිටරට බැංකුවල පාලකයන්ගේ මුදල් තියනවා මේවා ගැන හොයන්න මන්ත‍්‍රීවරු ගියාම ඒ බැංකු කිව්වා නීති විරෝධී මුදල් තියනවා නම් ඉස්සෙල්ලම ඔයගොල්ලන්ගේ රටේ නඩුවක් දාන්න කියලා .ලැජ්ජයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *