’’ලංකාවට තර්ජනයක් නෑ’’

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතත් එම සිදුවීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන්  ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවද ඔහු කීවේය

අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

” ලංකාවට  එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *