ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවත් බහුතර එකඟතාවයක් ලැබී නෑ

මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවද ඊට කවුන්සිලය නියෝජනය කරන රටවල් 47න් බහුතර එකඟතාවය නොලැබී ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් 22 ක් පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් බවත්, රටවල් 25 ක්ම එම යෝජනාවට එකග වී නැති බවත්ය. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල් බහුතරයක් යෝජනාවට එකඟතාවය නොදැක්වූ බවත් එමගින් බටහිර ප‍්‍රබල රටවල මතයට කොන්දේසි විරහිතව එකඟවීමට එම රටවල් තවදුරටත් සූදානම් නොමැති බවත් ඉන් පැහැදිලි වන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ජනීවා කවුන්සිලයේදී ඉන්දියාව පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසට කළ ප‍්‍රකාශයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සියියේ මෙම කරුණ ඉන්දියාව එදා පටන් කරනු ලබන ප‍්‍රකාශයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *