රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමඟ දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *