රැකියා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මැලේසියාව සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරයි.

මැලේසියාවේ රැකියා ඉලක්ක කරගනිමින් විශේෂිත පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මැලේසියානු විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කම්කරු අමාත්‍යාංශය මැලේසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහ කොමසාරිස් Tan Yang Thai මහතා අතර එම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඉහත තොරතුරු අනාවරණය විය.

2016 වසරේදී නානායක්කාර අමාත්‍යවරයා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

සාකච්ඡාවේදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟත්වය පළ කළේ ගිවිසුම පිළිබඳව නැවත සලකා බලා ඉදිරියේදී පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගැනීමටයි.

COVID-19 වසංගතයෙන් පසු මැලේසියාව සංක්‍රමණික සේවකයින්ට දොරටු විවෘත කළ පසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සඳහා ශ් රමිකයින් වැඩි ප් රමාණයක් යැවීමට සහ ඔවුන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මැලේසියානු පුහුණු මධ් යස්ථානය හරහා ඔවුන්ට විශේෂිත පුහුණුවක් ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.

මැලේසියානු ශ්‍රමිකයන් සඳහා අවම වැටුපක් හඳුන්වා දී ඇති බවත්, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ රැකියා කොන්ත්‍රාත්තුවට අවම වැටුප ඇතුළත් කළ හැකි බවත් මැලේසියානු මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයාට දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *