රාජ්‍ය සේවා වැටුප් විධිමත් කරන්න වෘත්තීය සමිතිවල අදහස් අසයි

සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ , අනුකාරක සභාව  වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගන්නා ගත්තේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය වන පරිදි වෘත්තීය සමිති නියෝජනය කරමින් අනුකාරක සභාව හමුවට කැඳවා තිබු සාමජිකයෝ ඔවුන්ගේ සේවාවන්ගේ පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව කාරක සභාවේ අවධානයට යොමු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *