රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ පත් කරයි

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ පී. ඒ. එස්. අතුල කුමාර මහතා 2025-12-03 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර මේ වන විට පුරප්පාඩුව පවති. ඒ අනුව, පුරප්පාඩුව පවතින රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී බී. ඒ. ටී. රුද්‍රිගෝ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *