රාජ්‍ය බුද්ධි සේවයේ හතළිහක් හදිසියේම මාරු කරලා

රාජ්‍ය බුද්ධි සේවයේ හතළිහක් හදිසියේම මාරු කර යවා ඇතැයි  මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය

ඔහු එම නම් ලැයිස්තුව සභාගත කළේය

මෙය  රාජ්‍ය බුද්ධි සේවය නැති කිරීමට කරන වෑයමක් දැයි තමා නොදන්නා බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවේ බහිරවයන් කිහිප දෙනෙකු සිටින බව කී   මන්ත්‍රීවරයා   එහි තෙල් ටැංකියකට ගුවන් යානා ඉන්ධන පුරවා කෝටි පහකට වැඩි පාඩුවක් කර ඇතැයිද  පැවසුවේය.

ටැංකි සහ නළ  පද්ධතිය අලුත් වැඩියා කිරීමට රුපියල් කෝටි 3500ක් වැය කර ඇති බවත් මේ ලොකු වියදම යට ලොකු කොමිස් ගනුදෙනුවක්  අැති බවත් ඔහු කීවේය.

මේ පිරිස ඛනිජ තෙල් නීති ගත  සංස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරන බවද ඔහු කීවේය.

මේ රට විනාශ කළේ ජුලී චන්ග්   බව කී දසනායක මහතා ඇය ගිය දවසේ තමා රතිඤ්ඤා පත්තු කළ බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අස්වැසුම යෝජනා ක්‍රමය පිළිබඳ විවාදයේදීය.

ජනාධිපතිවරයා යාපනයේදී කාල් ලුවිස් දිව්වට වඩා වේගයෙන් දුවගිය බවත් යාපනයේ රැස්වීමට පොලිසියෙන් විසිදෙනා බැගින් ගෙනවිත් බොරැවට  සෙනඟ පෙන්නූ බවත්  ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *