රාජ්‍ය නිලධාරියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට…

ඝාතනයට ලක්වූ පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ඊයේ (04) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

42 හැවිරිදි මෙම කාන්තාව ඊයේ අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

පිහි ඇනුමකින් තුවාල ලැබූ ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *