රාජපක්ෂලා සමඟ තවදුරටත් දේශපාලනය නොකරන බව විමල් පවසයි…

නැවත කිසි දිනෙක රාජපක්ෂ පවුලට සහය නොදෙන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නැවත කිසි දිනෙක රාජපක්ෂ කණ්ඩායම සමඟ එක්ව තරඟ නොකරන බවයි.

ඉදිරියේදී කිසිවිටෙකත් තමන් එම කණ්ඩායම සමඟ දේශපාලන පෙරමුණකට සම්බන්ධ නොවන බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ පවතින තත්ත්වය අනුව නාමල්ට ඉදිරියේදී දේශපාලනය කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන ගමනට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *