රඹුක්කන ප්‍රදේශයේ දුම්රියක් තුළ තිබී මළ සිරුරක් සොයා ගැනේ.

සෙනසුරාදා (11) රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක එල්ලී තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර රියදුරු සහයක විසින් සිදුකළ සාමාන්‍ය පරීක්ෂාවකදී අලුයම 4.40 ට පමණ දුම්රිය මැදිරිය තුළ තිබී මළ සිරුර හමුවූ බවයි.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 60ක් පමණ වන අතර එම පුද්ගලයා සුදු සරමක් සහ රතු කළු මිශ්‍ර අත් දිග කමිසයක් ඇඳ සිට ඇත. නිශ්චිත අනන්‍යතාවය තවමත් නිශ්චය කර නොමැත.

මියගිය පුද්ගලයා සන්තකයේ තිබී පොල්ගහවෙල සිට බණ්ඩාරවෙල දක්වා දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *