රන් මිල යළි ඉහළට

මෙරට රත්තරන් මිල යළිත් ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්රන් ව්‍යාපාරිකයෝ පවසති.

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ දේශීය රත්තරන් මිල ඉහළ ගොස් ඇති බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල 25 පෙරවරුවේ රුපියල් 309,000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් රත්රන් ව්‍යාපාරිකයෝ කීහ.

ඒ අනුව පෙර දිනයට වඩා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6,000 ක් පමණ ගොස් ගොස් ඇති බව කී රත්රන් ව්‍යාපාරිකයෝ වී ඇති අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 303,000 ක පැවැති බව ද සඳහන් කළහ.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 336,000 ක් දක්වා ඉහළ යමින් රුපියල් 6,000 කින් ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *