රන්ජන්ට එරෙහි තවත් නඩුවක තීන්දුව ජුනි 12දා

මහනුවර ප්‍රදේශයේ තරුණියකට විවාහ පොරොන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජූනි මස 12 වනදාට කල් තබනු ලැබීය.

මහනුවර අතිරේක මහේස්ත්‍රාත් (01) අධිකරණයේදී  එම නඩුවේ  කැඳවූ අවස්ථාවේදී නඩුව තව දුරටත් පරිශීලනය කිරිමට අවශ්‍යව ඇති බැවින් තීන්දුව ප්‍රකාශ කිරිම කල් තබන බව මෙහිදී  සඳහන් වු අතර  නඩුවේ  තීන්දුව  ප්‍රකාශයට පත් කිරීම ලබන ජූනි මස 12 වනදා දක්වා කල් ලබනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *