මිලියන 84ක් අන්තර්ජාල බැංකු ගනුදෙනු වලින් වංචා කරලා

මීගමුව නගරපේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක  එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිය විසින්  මෙම මුදල් වංචාව සිදු කර ඇති බවට හා ඇය විසින් බැංකු ගිණුම් වලින් අන්තර්ජාල බැංකු පහසුකම යටතේ වංචනිකව ඇය‌ගේ සැමියාගේ නමින් වෙනත් පුද්ගලික බැංකු දෙකක පවත්වාගෙන  යනු ලබන ගිණුම් 02 ක් වෙත මුදල් මාරු කර ඇති බවට නිරික්ෂණය වී ඇති බව පොලිසීය පවසයි.

තවද අවස්ථා 16 ක් මගින් හෙලි නොවූ  මුදල් ගනු‌දෙනු සම්බන්දයෙන්  තොරතුරු අණාවරණය වී ඇති අතර සැකකාරිය විසින් රුපියල් මිලියන 33ක් ඉක්මවන මුදලක් ඇයගේ  සැමියාගේ නමින් පවත්වාගෙන යන ගිණුමකට හා රුපියල් මිලියන 13ක මුදලක් සැකකාරිය විසින් පවත්වාගෙන යන ගිණුමකට බැර කර ඇති බවටත් නිරීක්ෂණය වී ඇත.  සැකකාරිය විසින් මේ ආකාරයට වංචාකර ඇති මුදල රුපියල් මිලියන 84 කට අධික බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම වංචනික ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් රුපියල් මිලියන 10ක් පමණ වැයකර සැකකාරිය හා ඇයපේ සැමියා ඕස්පේලියාව බලා යාමට සැලසුම් කර තිබූ බව, අනාවරණය වී ඇති අතර ඉහත සැකකාරියගේ සැමියා මේවනවිට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *