රන්ජන්ට අනුකම්පා කර ඔහුට එරෙහිව ගොනුකළ නඩු දෙක ඉල්ලා අස්කරගන්නවා – මහින්දානන්ද

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර, මේ වන විට ඔහුව යොමු කර ඇති නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණය හමුවේ තමා ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

ඉකුත් යහපාලන ආණ්ඩුව තමාගෙන් දේශපාලන පළිගැනීම් සිදු කළත් තමන් ඒ ආකාරයෙන් පළිගැනීම් නොකරන බව පැවැසූ ඇමැතිවරයා, මෙය රන්ජන් රාමනායක තනියම කළ දෙයක් නොවන බවත් පැවැති යහපාලන රජයේ හිටපු අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු දෙයක් බවත් පැවැසීය. එමෙන්ම රන්ජන් රාමනායක මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් හෑල්ලූවට ලක්කළ බවත්, කොන්ත‍්‍රාත් කරන්න ගිය රන්ජන් රාමනායකට මේ ඉරණම අත්වුණු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *