රතු ලයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බැද්දර පද්මෙ  නමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු ඩුබායි  රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බැද්දර පද්මෙ නැමැත්තාට අමතරව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන් බව කියන දාගොන්නේ අවිස්ක හෙවත් කිරිපුතා, ජම්බු ගස් මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනාය.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ ඇති පාතාල නායකයන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවට කෙහෙල් බැද්දර පද්මෙ  සහ ජම්බු ගස් මුල්ලේ බබී නැමැත්තන් ද සිටින බව මේ රට පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මොවුන්  සමග සමීප  තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔවුන් මුදාහැර ඇතැයි ද ඩුබායිවලින් ලැබෙන  ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා එරටේ සිට මෙරට සිටින ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් සිදුකරන පුද්ගලයකු බවට අනාවරණය වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *