“රට ඩිජිටල් කරන්න බිලියන 25ක්” -නියෝජ්‍ය අමාත්‍ය එරංග

ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවන බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මෙවර අය වැය කතාවේ හය වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ නවීකරණය සහ ඩිජිටල්කරණය වෙනුවෙනුයි.එහිදී ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවනවා.නවෝත්පාදන හිතකාමී සහ ආයෝජන හිතකාමී තත්ත්වය  ප්‍රවර්ධනය කර සමස්ත ඩිජිටල්  ආර්ථික දායකත්වය සියයට 15කට වඩා ඉහලට ගෙන යාමට අප රජය දැන් ක්‍රියා කරමින් සිටිනවා.මේ රටේ රාජ්‍ය ආයතනවල ඩිජිටල්කරණය වෙන වෙනම ක්‍රියාත්මක වී තිබෙනවා.නමුත් සමස්ත රජය වශයෙන් කෙරුණු ඩිජිටල්කරණ සැලැස්මක් තිබුණේ නැහැ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *