රජයේ මුදල් සභාවේ පුරප්පාඩුවක් පුරවයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ පුරප්පාඩුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 ජූලි 24 දින තේරීම් කාරක සභාව විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන ලද බව  කථානායකවරයා පාර්ලිමේන්තුවට කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *