රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් ආයතනය ධම්මික පෙරේරාට භාරදෙයි.

රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් (RALL) සහ තවත් ආයතන දෙකක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වේ.
ඒ අනුව Selendiva Investments Limited සහ Hotel Developers (Lanka) Pvt Limited යනු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගෙන එන අනෙකුත් ආයතන දෙකයි.

මීට පෙර රක්නා ආරක්ෂක ලංකා ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණි. Selendiva Investments Ltd සහ Hotel Developers (Lanka) Pvt Ltd තිබුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *