යුපුන් වාර්තාගත ධාවනයෙන් පසු ශ්‍රී ලංකා බලධාරීන්ට බැණ වදී.

තත්ත්පර 10 ට අඩු මීටර් 100 දිවූ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් අද ශ්‍රී ලංකා බලධාරීන්ට දැඩි දෝෂාරෝපණය කළේය.

යූපුන් ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ තම ඊමේල් අවුට්බොක්ස් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් සහය ඉල්ලා එවන ලද ඊමේල් වලින් පිරී ඇති නමුත් කිසිවෙකුට ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

යුපුන් අද ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර ඉසව්වේ මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණයෙන් පසුව, ඔහුගේ ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් උඩුගත කරමින්, යූපුන් සිය ජයග්‍රහණය තම කණ්ඩායමට කැප කළේ සහයෝගය නොමැතිකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට එරෙහිව කතා කරන අතරතුර ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *