යුක්තිය නිසා අපරාධ අඩුවෙලා

යුක්තිය මෙහෙයුමට යටතේ සිදුකළ වැටලීම්වලින් සහ මුර සංචාර හේතුවෙන් සමස්ථ අපරාධ සියයට 24 කින් අඩුවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් වසරේ මැයි මාසය තුළ සමස්ත අපරාධ 2055ක් වාර්තා වී ඇති අතර පොලිස් නිලධාරීන් වැඩි ප්‍රමාණයක් මැයි පළවෙනිදා සිට මාර්ගවල මුර සංචාර සඳහා යෙදීමෙන් පසු සමස්ථ බල අපරාධ සංඛ්‍යාව ගත වූ මාස පහට 1562 ක් දක්වා අඩුවී ඇති බව පොලිසිය කියයි.

මැයි මස 1 දා සිට පොලිසියේ 60% මුර සංචාර සඳහා යොදවන්නයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොට්ඨාශ භාර නිලධාරීන්ට දුන් අභියෝගයෙන් පසු මුර සංචාර 55,853 දක්වා වැඩි කර ඇත.

එම කාලසීමාව තුළ ගෙවල් බිඳුම් 740ක්,දේපල සොරකම් 451ක්, වාහන හා යතුරුපැදි සොරකම් 136ක්, කොල්ලකෑම් 126ක්, රන් ආභරණ කොල්ලකෑම් 109 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සමගාමීව ගෙවල් බිඳුම්, දේපල සොරකම්, වාහන හා යතුරුපැදි සොරකම්, කොල්ලකෑම් හා රන් ආභරණ කොල්ලකෑම් සියයට 24 කින් අඩුකර ගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *