යාල සිද්ධිය සම්බන්ධයෙන් ඇමති අමරවීරගේ වැඩිමහල් සහෝදරයාගේ පුතාට ඇප ලබාදෙයි.

යාල ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී වාහන ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට ඇප නියම කරනු ලැබුවා.

යාල ජාතික වනෝද්‍යානයේ සිද්ධියට තම පුත්‍රයා සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමරවීර අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය වූ දිනයේ තම පුත්‍රයා ගාල්ලෙන් ඔබ්බට පවා ගමන් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *