යාපනයේ මංකොල්ල කල්ලියක් අත්අඩංගුවට…

යාපනය කෝපායි පොලිස් වසමේ ගෙවල් රැසක් මංකොල්ල කන ලද කල්ලියක ප්‍රභල සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ඇතුලු ප්‍රදේශ කිහිපයක මැයි මස සිට ජුලි දක්වා කාලය තුලදී ගෙවල් රැසක් කොල්ලකෑම් පිළිබඳව කෝපායි පොලීසියට ලැබුනු පැමිණිළිවලට අනුව යාපනය කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුලුල් විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එහිදී ප්‍රධාන සැකකරු චුන්නාගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 09 දෙනෙකුද ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් අතරින් තවත් අයෙකු යාපනයේ පිහිටි ස්වාර්ණාභරන අලෙවිසැලක හිමිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් පිරිස් හමුවේ තිබී රන් ආභරණ, රන් භාණ්ඩ උගස්තබන ලද ලියකියවිලි, පාපැදි, වතුර මෝටර්, ජංගම දුරකතන, ගෑස් සිලිණ්ඩර් ඇතුලු භාණ්ඪ රැසක් පොලිස් නිලධාරීණ් විසින් සොයාගැනීමට සමත් වූහ.

අත්අඩංගුවට ගත් පිරිස් යාපනය , කෝපායි, චුන්නාකම්, කොණ්ඩාවිල්, කිලිනොච්චිය ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *