යාපනයේ නව දේශපාලන පක්ෂයක්

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී ඊයේ( 30 )නිල වශයෙන් ඇරැඹිණි.

එම පක්ෂයේ සාමාජිකයින් හා නිලධාරින් එක්ව යාපනය මාධ්‍ය සමාජයේ පවත්වන ලද  සාකච්ඡාවකින් අනතුරුව මෙම නව දේශපාලන පක්ෂය ආරම්භය පිළිබද ජනතාව දැනුවත්  කෙරිණි.

මෙහිදී එම පක්ෂය වෙනුවෙන් සහභාගිවූ නිලධාරින් පෙන්වා දුන්නේ යුද්ධයෙන් පිඩාවට පත් වුවන් පිළිබද සාමාන්‍ය ජනතාවගේ  අධ්‍යාපනය ජිවනෝපාය සංවර්ධනය වැනි කටයුතු වලට තම පක්ෂය මැදිහත් වන බවයි.

මෙම පක්ෂයේ නායකත්වය පුලේන්ද්‍රන් උදයකුමාර් මහතා දරණ අතර මාධ්‍ය හමුව එහි උප සභාපති අප්පයියා ඉරාජලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *