කෝටි දෙකේ ගෙවල් නඩුවෙන් මහින්දානන්ද නිදහස්

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඟා තිබු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(30) නියම කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නඩු පවරා තිබුණත් ඉදිරිපත් වූ සාක්කි විමසීමේදී චෝදනාවට පාදකවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරු නීති විරෝධී සාපරාධී පරිහරණයකින් හෝ අල්ලසක් වශයෙන් හෝ ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව විත්තිකරු නිදහස් කරමින් සඳහන් කළේය.

2012 ඔක්තෝබර් 30 වැනිදාත් 2013 අප්‍රේල් 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *