යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගනයක්

යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීමට අද(23) මුල් ගල තැබිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක, පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන් මහත්වරු ද ප්‍රදේශවාසීහු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *