මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කාර්යාලවලින් සේවාවන් ලබාගැනීම සඳහා ජනතාවට ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක් සහ වෙබ් අඩවියක් (https://dmtappointments.dmt.gov.lk) හඳුන්වාදී තිබේ.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සේවා ලබාගැනීම සඳහා ඒ ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙසය.

ඊයේ (29) දිනයේ සිට මෙම පහසුකම් සපයා දී තිබේ.

එසේම මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා ලබාගැනීම සඳහා දින සහ වේලාවන් වෙන් කරගැනීමට හඳුන්වාදුන් 0112 67 78 77 දුරකථන අංකය අද දිනෙන් ඉදිරියට භාවිත නොවන බවත් දැනුම්දෙයි.

වැඩි විස්තර පහතින්,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *