මොණරාගල මෙගාවොට් 1 ක සූර්ය බලාගාරය ජාතික පද්ධතියට

මොණරාගල කහඹාන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මෙගාවොට් 1 ක සූර්ය බලාගාරය පසුගියදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.

ඒ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය හා එක්ව ක්‍රියාත්මක කරන ලද “සූර්‍ය බල සංග්‍රමය” වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම සූර්‍ය බලාගාරය ක්‍රියාත්මක කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසිනි.

මෙම බලාගාරය වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 1.5 ක ධාරිතාවක් එක් කිරීමට බලාපොරොත්තු වේ.

ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් 2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් සපුරාලීම රජයේ ඉලක්කයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *