මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිනයේ මෙරටට

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිතය.

කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ.

මේ අතර මේ වනවිට සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 71 ක් මෙරටට ලැබී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

මෙරට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 13.5 කට මේ වනවිට කොවිඩ් -19 එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *