මේ වසරේ උසස් පෙළ, සා/පෙළ විභාගවලින් පසු සිසුන්ට වෘත්තීය පුහුණුව: ඇමති

උසස් පෙළ (උ/පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාගය අවසන් වූ වහාම වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගිංතොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථානවල මෙම පාඨමාලා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

“ඉදිරියේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහාද මෙම වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරනවා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වනු ඇති බවද ඔහු පැවසීය.

මේ පිළිබඳ අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *