‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන වසරේ මැයි දින රැලිය මේ රටේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට යටතේයි.” යයි ජාතික ජන බලවේගයේ මැයි දින මාතර රැලියේ දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මෙම මැයි දින රැලිය මාතර මුහුදු වෙරල තීරයේ දී පැවැත්විණි.

මාතර රාහුල මංසන්ධියෙන් මැයි දින පෙළපාලිය ආරම්භ කළ අතර ඒ සදහා මාතර,ගාල්ල,හම්බන්තොට, අම්පාර, බදුල්ල, මොනරාගල හා රත්නපුරය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාක්ෂිකයන් සහභාගී වූහ.

මැයි දින රැලිය දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

“ලක්ෂයකට අධික ජනකායක් අද මේ මැයි දින රැලියට සහභාගී වන්න මාතරට පැමිණ සිටිනවා. කොළඹ, අනුරාධපුර, යාපනය අපේ අනෙක් මැයි රැලි තුනෙන් මේ වගේම තමයි. ජනතාව අද එක බලාපොරොත්තුවකින් එක අරමුණකින් එක අපේක්ෂාවකින් අපේ මේ මැයි රැලි වලට පැමිණ සිටිනවා.

මේ රට යන විනාශයෙන් මුදා ගැනීම ඔවුන්ගේ අරමුණයි.දරුවන්ට වඩා හොද අනාගතයක් උදා කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.මේ රටට වඩා හොද යුගයක් උදා වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙතනට ආපු පිරිසට වඩා වැඩි පිරිසක් එලියේ ඉදන් අපි දිහා බලා ගෙන ඉන්නවා. විදෙස්ගතව ශ්‍රී ලාංකීකයින් අපි දිහා බලා ගෙන ඉන්නවා. අපිට ආදරය කරන ඒ අය අපි දිහා බලාගෙන ඉන්නවා වගේම අපිට විරුද්ධ බලවේගත් අපි දිහා මේ වෙලාවේ වැඩිපුරම බලා ගෙන ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *